
කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල , කොටුව ,වැල්ලම්පිටිය හා කොම්පඤ්ඤ වීදිය යන ප්‍රදේශ හා ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත හා ජා ඇළ ප්‍රදේශ වල හුදෙකලා කිරීම් හෙට උදෑසන 5න් අවසන් කරන බව යුද හමුදපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
එසේ වුවද බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසමේ සහ කොම්පඤ්ඤවීදියේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම නැවත දැනුම් දෙන තුරු හුදෙකලා තත්ත්වයේ පවතින බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ බෝගහවත්ත, බමුනුමුල්ල, කිරිමන්තුඩාව, කෝරාවල, අටළුගම, බමුනුමුල්ල හා ගලගහ මණ්ඩිය යන ග්‍රාම නිලධාරී කොට්ඨාශ මේ මොහොතේ සිට හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.
More Stories
අධ්‍යාපන ඇමැති පවසයි සියලු පාසැල් විවෘත නොවුනොත් සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවනවා
අවුරුදු 71කට වැඩි පුද්ගල මරණ 40ක් ඒ අතර කොවිඩ් දෙවන රැල්ලේ මරණ 94ක්
අධ්‍යාපන ඇමැති හිස්බුල්ලාගේ පෞද්ගලික විශ්ව විද්‍යාලය රජයට පවරා ගන්නවා කියයි