fbpx

ගොසිප් ලංකා Gossip Lanka

ශ්‍රී ලංකාවේ පෙරළිකාර ප්‍රවෘත්ති පුවත් සහ ගොසිප් වෙබ් අඩවිය. Sri Lankan trending online news and gossip media.

සිගරට් පානයෙන් දිනකට කෝටි 40ක්

සිගරට් සඳහා විවිධ බදු අය නොකර සෑම සිගරට් වර්ගයක් සඳහා 2021 අය-වැය ලේඛනයෙන් බදු වැඩි කරන ලෙස මෙරට මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) රජයට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය හා ලෝක බැංකුව නිකුත් කර ඇති දුම්කොළ බදුකරණ නිර්දේශ මෙරට අනුගමනය නොවන බව ද පෙන්වා දෙන එම මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර මහතා සිගරට් භාවිතය නිසා දිනකට ශ්‍රී ලාංකිකයන් 55ක් අකල් මරණයට පත්වන බවත් වාර්ෂිකව 20,000කගේ වටිනා ජීවිත අකල් මරණවලට ගොදුරුවන බවත් පවසයි.

සිගරැට් සඳහා මිනිසුන් දිනකට මිලියන 400ක් වැය කරන අතර එය වාර්ෂිකව රුපියල් බිලියන 145 ඉක්මවන බව ද සුමනසේකර මහතා කීය.

ඵලදායි දුම්කොළ බදු ප්‍රතිපත්තියක් දියත් කළහොත් සිගරැට් පරිභෝජනය 2023 වන විට බිලියන 3 සිට බිලියනය දක්වා අඩුකර ගත හැකි බවත් අනාගත අකල් මරණ 141,000ක් පමණ අඩුකර ගත හැකි බවත් එම මධ්‍යස්ථානය කියයි.