fbpx

ගොසිප් ලංකා Gossip Lanka

ශ්‍රී ලංකාවේ පෙරළිකාර ප්‍රවෘත්ති පුවත් සහ ගොසිප් වෙබ් අඩවිය. Sri Lankan trending online news and gossip media.

ඩොලර් මිලියන 127 ක් වටිනා සෞඛ්‍ය උපකරණ යුනිසෙෆ් හරහා ලබා ගත හැකි බව ලෝක බැංකුව පවසයි. මාස හයක් ගතවී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශය නිහඩයි

සති අන්ත රාවය පුවත්පත ද ඔවුන්ගේ ප‍්‍රධාන පුවත ලෙස මෙම ප‍්‍රවෘත්තිය වාර්තා කර තිබුණි. එම ප‍්‍රවෘත්තිය ම, අද නිකුත් වී තිබෙන සති අග අරුණ පුවත්පතද වාර්තා කරයි.

කොරෝනා වසංගතයට මුහුණ දීම සදහා අවශ්‍ය සෞඛ්‍ය උපකරණ මිලදී ගැනීම සදහා ලෝක බැංකුව, ඩොලර් මිලියන 127 ක මුදලක්, පසුගිය අපේ‍්‍රල් මාසයේ දී ලංකාව වෙනුවෙන් අනුමත කර තිබේ.

නමුත් මෙම මුදල, මුදල් වශයෙන් සෘජුව අපට ලබා දෙන්නේ නැත. අපට අවශ්‍ය භාණ්ඩ ඔවුන් අපට ලබා දෙන්නේ යුනිසෙෆ් ආයතනය හරහා ය.

උපකරණ මිලදී ගන්නා සමාගම් සමග සම්බන්ධ වී මිළ ගණන් කැදවන්නේ යුනිසෙෆ් ආයතනයයි. (මේ නිසා කිසිවකුට එම මුදල් අවභාවිතා කිරීමට ඉඩක් නැතැයි අපට සිතිය හැකි ය.)

යුනිසෙෆ් ආයතනය අදාල මිල ගනන් කැදවා, සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇති බව ද පුවත්පත වාර්තා කරයි.

ලබා දී තිබෙන ඩොලර් මිලියන 127 ක මුදල ප‍්‍රමාණවත් නොවන්නේ නම්, තවත් ඩොලර් මිලියන 40 ක මුදලක් ලබා දීමට ද ලෝක බැංකුව සූදානමින් සිට ඇති බව අරුණ පුවත්පත වාර්තා කරයි.

කෙසේ වෙතත්, මෙතෙක් මේ මුදලින් කිසිදු ප‍්‍රයෝජනයක් ගෙන නැති බවට චෝදනා කරන, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ්, මේ පිළිබදව සොයා බලන ලෙස ජනාධිපතිතුමාගෙන් ද ඉල්ලා සිටින බව පුවත්පත පවසයි.

රාවය පුවත්පත, ඔවුන්ගේ ප‍්‍රධාන පුවත ලෙස මෙම ප‍්‍රවෘත්තිය පළ කර තිබුනි.