
වාණිජ බැංකු හා මූල්‍ය ආයතනවල ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථානවලින් මේ වසරේ (2020) පසුගිය මාස හයට මහජනයා ලබාගෙන ඇති ණය මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 643ක් බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙනවා. රන් ණය සඳහා ලබාදෙන මුදල මෑත කාලීනව සැලකිය යුතු ලෙස ඉහළ දැමුණු අතර වාණිජ බැංකුවල එම අගය රන් පවුමකට රුපියල් 57,000 සිට 60,000 දක්වා ඉහළ දමා තිබෙනවා.
ඊට සාපේක්ෂව රන් ණය සඳහා වාර්ෂික පොලී අනුපාතය 10% දක්වා මහ බැංකුව විසින් අඩු කෙරිණි. එසේම ඇතැම් පෞද්ගලික මූල්‍ය ආයතන වලින් රන් පවුමකට ලබා දෙන මුදල රුපියල් 65,000 දක්වාද ඉහළ දමා තිබෙනවා.
මේ අතර මෙරට සෑම ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන්නන්ගෙන් සිව් දෙනකුගෙන් එක අයකුම මේ වනවිට ණය ආපසු ගෙවාගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයිද අනාවරණය වනවා. මහ බැංකු දත්ත වලින් පෙන්නුම් කරන ආකාරයට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන්නන්ගෙන් 41% ක්ම මේ වන විට ගෙවීම් පැහැර හැර ඇති අතර 2020 දෙවැනි කාර්තුවේදී මෙලෙස ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සිදු කර ඇති ගනුදෙනු ප්‍රමාණය රුපියල් බිලියන 38.3 ක් වූ අතර ඉන් රුපියල් බිලියන 15.7 ක් ආපසු ගෙවීම පැහැර හැර තිබෙනවා.
More Stories
අධ්‍යාපන ඇමැති පවසයි සියලු පාසැල් විවෘත නොවුනොත් සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවනවා
අවුරුදු 71කට වැඩි පුද්ගල මරණ 40ක් ඒ අතර කොවිඩ් දෙවන රැල්ලේ මරණ 94ක්
අධ්‍යාපන ඇමැති හිස්බුල්ලාගේ පෞද්ගලික විශ්ව විද්‍යාලය රජයට පවරා ගන්නවා කියයි