fbpx

ගොසිප් ලංකා Gossip Lanka

ශ්‍රී ලංකාවේ පෙරළිකාර ප්‍රවෘත්ති පුවත් සහ ගොසිප් වෙබ් අඩවිය. Sri Lankan trending online news and gossip media.

ඇඳිරිනීතිය ඇති ප්‍රදේශවල ජනතාවට භාණ්ඩ මිලදීගැනීමට ලැබෙන කාලය

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳසැල් සහ ඖෂධසැල් සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබෙන බව.

කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල අඟහරුවාදා සහ සිකුරාදා දිනවල පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා වෙළෙඳසැල් සහ ඖෂධසැල් විවෘත තැබෙන බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.