
මෙරට ව්‍යාපත් වෙමින් පවතින දෙවන කොරෝනා රැල්ලෙන් මේ වන විට කොවිඩ් ආසාදිත මරණ 94ක් වාර්තා වී ඇති බව කොවිඩ් -1 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
ඊයේ දිනය වන විට මෙරටින් වාර්තා වූ සම්පුර්ණ කොවිඩ් ආසාඩිත මරණ සංඛ්‍යාව 107ක්.
වාර්තා වූ මරණ වලින් 40 දෙනෙකු වයස අවුරුදු 71කට වැඩි පුද්ගලයින් වන අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 42.55% ක් වනවා.
මීට අමතරව වයස අවුරුදු 61-70 අතර පුද්ගල මරණ 20ක් (21.27%) , අවුරුදු 51-60 අතර පුද්ගල මරණ 16 (17.02 %), අවුරුදු 41-50 අතර පුද්ගලයින් 11ක් (11.70%) වාර්තා වී ඇත.
මේ අතර වයස අවුරුදු 31-40 අතර පසුවන පුද්ගල මරණ 4ක් (4.25%) සහ අවුරුදු 10-30 ත් අතර පසුවූ පුද්ගල මරණ 3ක් (3.19%) වාර්තා වී ඇති එම එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
අධ්‍යාපන ඇමැති පවසයි සියලු පාසැල් විවෘත නොවුනොත් සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවනවා
අධ්‍යාපන ඇමැති හිස්බුල්ලාගේ පෞද්ගලික විශ්ව විද්‍යාලය රජයට පවරා ගන්නවා කියයි
නිරීක්ෂණයට යාන්ත්‍රණයක් නිවෙස්ගත නිරෝධායනය